ජූනි මාසයේ ඉන්ධන ගේන්න බෙදන්න එතෙර සමාගම් ද එක් වෙයි

මෙරටට ඉන්ධන ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීමේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් සමාගම් ලබන ජූනි මස මුල් සතියේ සිට ක්‍රියා කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.මෙම මැයි මාසයේ දී ඊට අදාළ ගිවිසුම් ගතවුවහොත් දින 45ක් තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව එම සමාගම් ද සඳහන් කරයි.ඒ අනුව ඉදිරියේ දී ඒ ඔස්සේ ඉන්ධන පාරිභෝගිකයන්ට කිනම් හෝ සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අතර ලාභ ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රජය සිදු කරන මෙම බලපෑම සම්බන්ධයෙන් වෘත්තීය සමිති මට්ටමින් විවිධ විරෝධතා එල්ල වී ඇතත් ජනතාවට සහනදායී සේවාවන් සැපයිය නොහැකි නම් එම රාජ්‍යායතන ලබන ලාභයෙන් ඒවායේ අභ්‍යන්තරයට මිස පොදු සමාජයට යහපතක් නොමැති බව තවත් පාර්ශව මේ වන විට පෙන්වා දෙමින් තිබේ.

කාලීන පුවත්