ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති අතර එමගින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට සහ සතොස ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එරාජ් ප‍්‍රනාන්දු යන අය ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද(27) තීරණය කරන ලදී.අල්ලස් පනත ප‍්‍රකාරව විමර්ශනයේදී අවශ්‍ය කොමසාරිස්වරුන් තිදෙනාගේම නිර්දේශය ලබාගෙන නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශ්වය වෙනුවෙන් මුලික විරෝධතා ඉදිරිපත් විය.නමුත් එම විරෝධතා ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු වරයා මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කළ අතර ඊට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත‍්‍රණය සඳහා මෙම නඩුව මැයි මස 10 වනදා යළි කැඳවීමට නියෝග කොට තිබේ.

කාලීන පුවත්