ජොන්ස්ටන් බලන්න මහින්ද වැලිකඩ යයි

මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබේ.2022 මැයි 9 දින ගාලු මුවදොර අරගලයට ප්‍රහාර එල්ලකිරීමේ ප්‍රමුඛයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රාජපක්ෂ දේශපාලන කඳවුර බිඳ වැටෙමින් පවතින අතරේත් එය රැක ගැනීම සඳහා මහත් වෙහෙසක් දරන්නෙකි.ඒ මහතා ලබන (30) වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

කාලීන පුවත්