ඥානක්කා නමින් හඳුන්වන අනුරාධපුරයෙ වෙසෙන ශාස්ත්‍ර කියන්නියක විසින් තම නිවසේ පවත්වා ගෙන යන දේවාලයක් සඳහා ඊයේ(02) සවස විශේෂ පොලිස්,පොලිස් විශේෂ බලකා සහ යුද හමුදා ආරක්ෂාවක් සැළසීම කවර පදනමකින් සිදු වූවක් ද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ කතා බහට ලක් ව තිබේ.
අනුරාධපුර රෝහලේ ඇටෙන්ඩන්ට් වරියක ලෙස කලක් සේවය කළ ඒ කාන්තාව තම සැමියාගේ අභිරහස් මරණයෙන් පසු මෙසේ ශාස්ත්‍ර කීම ආරම්භ කළ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සුවිශේෂත්වයක් ඇය තුළ නොමැති බවත් ඇගේ අසල්වාසීහු තහවුරු කරති.
නමුත් පසුව මෙරට දේශපාලනඥයන් කිහිප දෙනකු ඇගෙන් ශාස්ත්‍ර ඇසීම ආරම්භ කළ අතර වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දැරූ සමයේ ඊට පුරුදු වී සිටි අතර වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට තදබල ලෙස ඇබ්බැහි ව ඇති බවක් පෙන්නුම් කරන බව බොහෝ දෙනකුගේ මතයයි.
ජනපති වරයා රටේ ප්රබලතම දේශපාලන තීන්දු ගැනීමේ දී පවා මෙම කාන්තාවගේ උපදෙස් පතන බව ද පැවසෙයි.
මේ අතර ඊයේ සවස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් එම කාන්තාව මුණ ගැසීමට යාමේ දී විශාල පොලිස් බල ඇනියක් එක් ව නි ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසගේ ගමන් මඟ අවුරා සිටි බව අල්ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය පවා වාර්තා කොට තිබේ.
මේ අතර මෙම කාන්තාව රාජ්‍ය අනුග්‍රහය ලබමින් සිදු කරමින් හිඳින නීති විරෝධී කටයුතු පිළිබඳව ද තොරතුරු අනාවරණය වෙමින් තිබේ.