ඥානසාර හිමියන්ට ඇප

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස වන අන්දමේ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වීම නිසා කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කොට සිටි බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද(18) නියෝග කළේය. මීට පෙර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර තිබුණි.ඉකුත් මාර්තු 28 දා කෙරුණ ද ඥාන­සාර හිමි බන්ධ­නා­ගර රෝහල් වෛද්‍ය­ව­රුන් විසින් පරීක්ෂා කර රෝගී තත්ත්ව­යන් මත බව පවසමින් මාර්තු 29 පෙර­ව­රුවේ බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ අතර පසුගිය කාලයේ බන්ධ­නා­ගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ නේවාසිකයකු ලෙස රඳවා සිටියේ බරපතල වැඩ ද අත්හිටුවමිනි.ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස, සංජය මාරඹේ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු පෙනී සිටියහ.

කාලීන පුවත්