ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම දින 90කට අත්හිටුවයි

ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට බලපාන පරිදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ. චීන ආනයන සඳහා අමෙරිකාව මින් පෙර 104%ක තීරු බද්දක් පනවා තිබුණි.ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.ඒ අනුව, චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබේ.මේ අතර ඇමරිකාවෙන් තීරු බදු සහනයක් ලබා ගැනීම පිණිස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම පිණිස අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්