ට්‍රම්ප් ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

“ඇමරිකානු භූමිය තුළ ඉපදුණු පමණින්, ඇමරිකානු පුරවැසි භාවය හිමි නොවේ;” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ගෙනා විධායක නියෝගය දින 14 ක් සදහා අත්හිටුවිමට එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු පියවර ගෙන තිබේ.ඒ ඔහු ගේ එම විධායක නියෝගය එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරමිනි. ට්‍රම්ප්ගේ එම නියෝගයට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇත්තේ වොෂින්ටනයේ නීතිපති සහ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය තහවුරු වී තිබෙන ප්‍රාන්ත තුනක නියෝජිත පිරිසකි.ට්‍රම්ප්ගේ ඉහත නියෝගය හේතුවෙන් එක්සත් ජනපද භූමිය තුළ සංක්‍රමණික දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ ජීවිත අදුරු වළාවකින් වැසී යන බැවින් ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිය පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වරයා ඉල්ලා තිබේ.

කාලීන පුවත්