ඇමරිකා එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරමින් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට පවතින EB-5 සංක්‍රමණික ආයෝජන වැඩසටහන අවලංගු කොට, ඇමරිකානු පුරවැසිභාවයට ඍජු මාවතක් විවර කරමින් ඩොලර් මිලියන 5ක් (රුපියල් බිලියන 1ක් ද ඉක්මවා යන වටිනාකමකි) වටිනා ‘ගෝල්ඩ් කාඩ්’ (gold card) වීසා පතක් හඳුන්වා දී තිබේ. මේ නව ප්‍රවේශය නිසා ඇමරිකානු පුරවැසිභාවය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කොට ඇතැයි ද සංක්‍රමණික වැඩසටහන් මෙයින් වියවුල් බවකට පත්වෙතැයි ද සඳහන් කරමින් වාදවිවාද ඇති වන්නට පටන් ගෙන තිබේ.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ නව වැඩසටහන පිළිබඳ සඳහන් කළේ ප්‍රකාශය පහත පරිදිය.
“ගෝල්ඩ් කාඩ් එකක් අළෙවි කරන්නටයි අපි සූදානම් වන්නේ. අපි එයට ඇමරිකානු ඩොලර් මිලියන 5ක මිලක් නියම කොට තිබෙනවා. එයින් ඔබට ඇමරිකාව තුළ ස්ථිර පුරවැසිභාවයේ වරප්‍රසාද හිමි වන අතර පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මාවතක් ද විවර වෙනවා. ඒ වගේම මේ කාඩ් පත් මිලදී ගනිමින් අපේ රටට ධනවතුන් පැමිණෙන්නට පටන් ගන්නවා.”
නව ගෝල්ඩ් කාඩ් පතෙන් බලාපොරොත්තු වන්නේ ධනවත්, බලවත් ආයෝජකයන්ව කැඳවා ස්ථිර පුරවැසිභාවය ප්රදානය කොට එයට හිලව් වශයෙන් ඇමරිකානු ආර්ථිකයට මූල්‍යමය දායකත්වයත් ලබා ගැනීමය. මේ පියවර තුළින් මිලියනයක් පමණ ගෝල්ඩ් කාඩ් පත් අළෙවි කරමින් සැලකිය යුතු ආදායමක් ජනනය කර ගැනීම මෙහි අරමුණ වේ. එමගින් ඩොල්ර් ගණනක් ට්‍රිලියන උපයා ගත හැකි අතර ඒ තුළින් ජාතික ණය ප්‍රමාණය අඩු කර ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වැඩසටහන පිළිබඳ තොරතුරු සති දෙකක් තුළ නිවේදනය කරන බව සහ රුසියානු ධනවතුන්ට පවා මේ ගෝල්ඩ් කාඩ් පතට අයැදුම් කිරීමේ හැකියාව පවතින බවය. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටින විට රුසියාව සමග මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරන බව මේ කතාවෙන් පැහැදිලි වේ.
මුලින් සඳහන් කළ EB-5 වැඩසටහන 1990 වසරේ දී ස්ථාපිත කරන ලද්දක් වන අතර එයින් අපේක්ෂා කරන ලද්දේ විදෙස් ආයෝජකයන් හරහා ඇමරිකානු ආර්ථිකය උත්තේජනය කිරීම සහ රැකියා උත්පාදනය කිරීමය. කෙසේ නමුත් මෙහිදී දූෂණ කටයුතු සිදු වූ බවත් එය අකාර්යක්ෂම බවත් චෝදනා එල්ල විය. වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් මේ නව වෙනසට කැමැත්ත පළ කරමින් පවසා සිටියේ, “ EB-5 වැඩසටහන විකාර සහගත, බොරුව සහ දූෂණය පිරි එකක්” යනුවෙනි. ඔහු පවසා සිටියේ නව ගෝල්ඩ් කාඩ් පත වඩාත් ඉදිරියෙන් ඇති බවය.
නව ගෝල්ඩ් කාඩ් පතෙන් බලාපොරොත්තු වන්නේ ධනවත්, බලවත් ආයෝජකයන්ව කැඳවා ස්ථිර පුරවැසිභාවය ප්රදානය කොට එයට හිලව් වශයෙන් ඇමරිකානු ආර්ථිකයට මූල්‍යමය දායකත්වයත් ලබා ගැනීමය. මේ පියවර තුළින් මිලියනයක් පමණ ගෝල්ඩ් කාඩ් පත් අළෙවි කරමින් සැලකිය යුතු ආදායමක් ජනනය කර ගැනීම මෙහි අරමුණ වේ. එමගින් ඩොල්ර් ගණනක් ට්‍රිලියන උපයා ගත හැකි අතර ඒ තුළින් ජාතික ණය ප්‍රමාණය අඩු කර ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
ගෝල්ඩ් කාඩ් පත හඳුන්වා දීම නිසා ‘ග්‍රීන් කාඩ් ලොතරැයිය’ නමින් ප්‍රකට ‘විවිධත්ව වීසා වැඩසටහන’ (Diversity Visa Program) කෙරෙහි යම් බලපෑමක් ඇතිවේද යන සැකය පහළ වී තිබේ. ඓතිහාසික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට අඩුවෙන් සංක්‍රමණය වූ රටවල පුද්ගලයන්ට වීසා ලබා දී විවිධත්වය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණ වූ අතර ගෝල්ඩ් කාඩ් පතෙහි අරමුණ වන්නේ ධනවත් ආයෝජකයන්ට ඇමරිකානු පුරවැසි බව ලබා දීමය. ග්‍රීන් කාඩ් ලොතරැයිය මගින් පුද්ගලයකුගේ ධනවත් බව නොසළකා ඔවුන්ට ඇමරිකාවේ ස්ථිර පුරවැසිභාවය හිමි කර ගැනීමට අවස්ථාව ලැබිණි.
ගොල්ඩ් කාඩ් පත ඔස්සේ පැමිණෙන අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබා දීම තුළින් ග්‍රීන් කාඩ් ලොතරැයියේ වැදගත්කම මැකී යාම හෝ අවලංගු වීම හෝ සිදුවෙතැයි සැක සංකා පහළවෙමින් තිබේ. කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය අනුව විවිධත්ව වීසා වැඩසටහනේ කිසිදු වෙනසක් සිදු වන බවට නිල නිවේදනයක් නිකුත් කොට නොමැත. මේ වැඩසටහන් දෙකම ගැටලුවක් නොමැතිව ක්‍රියාත්මක වෙමින් ධනවත් පුද්ගලයන්ට ඇමරිකාවට පැමිණෙන්නට ආරාධනා කෙරෙන අතරේ පුළුල් විවිධත්වයක් ද සපුරා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඇමරිකානු පුරවැසිභාවය ලබාගැනීමේ සිහිනයක ජීවත් වන ශ්‍රී ලංකාව වැනි රටවල පුද්ගලයන්ට ගෝල්ඩ් කාඩ් වීසා කාඩ් පත අභියෝගයක් විය හැකිය. ඩොලර් මිලියන 5 ක මිල බහුතරයකට ප්‍රවේශ විය නොහැකි මුදලක් වන අතර අධික ධනවතුන්ට පමණක් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට එයින් අවස්ථාව උදා කර දෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීන් කාඩ් ලොතරැයිය සහ රැකියා පාදක කරගත් වීසා වැනි සාම්ප්‍රදායික මාර්ග පමණක් මූලික විකල්ප ලෙස ශ්‍රී ලංකාවේ බොහෝ අයදුම්කරුවන්ට ඉතිරි වනු ඇත.
ගෝල්ඩ් කාඩ් පත හඳුන්වාදීම සම්පත් සම්පත් නැවත වෙන් කිරීමකට හෝ ප්‍රතිපත්තිමය අවධානය වෙනස් කිරීමකට හේතු වුවහොත් එය වක්‍රාකාරව අනෙකුත් සංක්‍රමණ වැඩසටහන් කෙරෙහි බලපානු ඇත. ශ්‍රී ලංකාව වැනි රටවලින් ඇමරිකානු පුරවැසිභාවය අපේක්ෂාවෙන් සිටින සංක්‍රමණිකයන්, මේ නව වැඩසටහන නිසා සිය අභිමතාර්ථයෙන් කෙරෙහි බලපාන්නා වූ කුමන හෝ ප්‍රතිපත්ති වෙනසක් සිදු වේ දැයි දැනුවත්ව සිටීම වැදගත්ය.
ගෝල්ඩ් කාඩ් පත පිළිබඳ යෝජනාව සංක්‍රමණිකයන්ගේ සහ ධනවත් උපදේශකයන්ගේ සැකයට බඳුන් වී තිබේ. විශේෂඥයින් පවසන්නේ ඉහළ පිරිවැය, ඉහළ බදු සහ ගෝලීය ආදායම් බදු වැනි කාරණා නිසා මේ සම්බන්ධව උනන්දුව දක්වන අයදුම්කරුවන්ගේ පවා දෙගෙඩියාවක් ඇති විය හැකි බවය. අනෙක, මේ යෝජනාව කොංග්රස් මණ්ඩලයෙන් අනුමත විය යුත්තක් ද වන අතර එහි දී ව්‍යවස්ථාදායක බාධක ද ඇති විය හැකිය.
ජනපති ට්‍රම්ප්ගේ යෝජනාව තුළින් පිළිබිඹු වන්නේ එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිලාභවලට මූලිකත්වය දෙන ආකාරයෙන් නැවත හැඩගැස්වීමේ ප්‍රවණතාවක් පවතින බවය. ධනවත් පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පරිපාලනය ඉලක්ක කරන්නේ ආර්ථික වර්ධනයේ ශීඝ්‍ර නැග්මක් සහ ජාතික ණය ප්‍රමාණයේ අඩුවීමකි.
විචාරකයින් තර්ක කරන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය භාණ්ඩයක් ලෙස අළෙවි කිරීම තුළින් ඇමරිකානු පුරවැසියෙකු බවට පත් වීමේ වටිනාකම හෑල්ලු කරන බවකි. ආරක්ෂණ අවදානම්, සිදුවිය හැකි දූෂණ සහ එවැනි ආයෝජන මූලික කරගත් නේවාසික වැඩසටහන් නිසා බදු මගහැර යාමේ අවස්ථාවන් ද ඇති විය හැකි බවට අවධානය ද යොමු වී තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ යෝජනාව තුළින් පිළිබිඹු වන්නේ එක්සත් ජනපද සංක්‍රමණ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිලාභවලට මූලිකත්වය දෙන ආකාරයෙන් නැවත හැඩගැස්වීමේ ප්‍රවණතාවක් පවතින බවය. ධනවත් පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පරිපාලනය ඉලක්ක කරන්නේ ආර්ථික වර්ධනයේ ශීඝ්‍ර නැග්මක් සහ ජාතික ණය ප්‍රමාණයේ අඩුවීමකි. කෙසේ නමුත් මේ ප්‍රවේශය සමානාත්මතා ප්‍රවේශය සහ එක්සත් ජනපද සංක්‍රමණික පද්ධතියේ මූලධර්ම සම්බන්ධ වාදවිවාද පැන නැගී තිබේ.
ගෝල්ඩ් කාඩ් පත සම්බන්ධව වැඩිදුර තොරතුරු පරිපාලනය විසින් නිකුත් කිරීමට සූදානම් වෙද්දී, සංක්‍රමණය වන්නට බලාපොරොත්තුවෙන් සිටින්නන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව ඇතුළු පාර්ශ්වකරුවන් මේ පිළිබඳ සමීපව නිරීක්ෂණය කරනු ඇත. කෙසේ නමුත් මේ යෝජනාව ක්‍රියාත්මක වීමත් සමග ඇමරිකානු සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් වනු ඇති අතර අනාගතයේ නව ඇමරිකාවක් බිහි වීමේ මූලික අඩිතාලම සනිටුහන් වනු ඇක.
නිරංජන් චාමින්ද කරුණාතිලක