ට්‍රම්ප් ට වෙඩි වැදීමේ සිද්ධිය ආන්දෝලනයකට

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(13) පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියක දී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලැබීම මත වේදිකාවෙන් ආරක්ෂකයන් විසින් ඉවතට ගෙන ගෙන යාමේ සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.වෙඩි වැදීමෙන් පසු ද ඔහු වේදිකාව මත සිට ජනතාවට ජයග්‍රාහී විලාසයෙන් ආචාර කිරීම ඊට හේතුව ය.පසුව ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ වෙඩි උණ්ඩයක් තම දකුණු කනේ ඉහළ කොටස සිදුරු කිරීම නිසා තමා තුවාල ලැබූ බවයි.ට්‍රම්ප් දැන් ආරක්ෂිත බව එක්සත් රහස් සේවය පවසන අතර ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය පැවසුවේ ඔහු ප්‍රාදේශීය රෝහලකදී පරීක්ෂා කළ බවයි. ට්‍රම්ප්ගේ පුත් කනිටු ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඔහුගේ පියා “හොඳින් සිටින” බවයි.එක්සත් ජනපද රහස් සේවය තහවුරු කළේ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවකි. ඒ තුවක්කුකරු සහ ප්‍රේක්ෂකයෙකු බව ද පැවසෙයි.එක්සත් ජනපද රහස් සේවා නිලධාරීන් විසින් වෙඩික්කරු පසුගන්වන ලද අතර ඔහු දැන් මියගොස් ඇත,” රහස් සේවය පවසා සිටියි

කාලීන පුවත්