ට‍්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක ධුර කාලයක් අරඹයි

ආන්දෝලනාත්මක දේශපාලන නායකයකු වන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය සඳුදා දිව්රුම් දුන්නේය. ඔහු මේ ආකාරයෙන් දෙවැනි ධුර කාලයක් සඳහා පත් වීම ඇමරිකානු ඉතිහාසයේ විශේෂ අවස්ථාවකි. වරක් ජනාධිපති පදවියට පත් වූවකු ඉන්පසු පරාජයට පත් වී නැවත දෙවැනි ධුර කාලයක් සඳහා පත් වීම එරට ඉතා දුර්ළභ සිදුවීමක් වන අතර මෙයට පෙර එවැන්නක් සිදුව තිබුණේ එකම එක වතාවක් පමණි. එ් ද මීට වසර 132 කට පෙර ය. එම අවස්ථාවේ එම වාර්තාව පිහිටුවන ලද්දේ ග්‍රෝවර් ක්ලීව්ලන්ඞ් නැමැති ජනාධිපතිවරයා විසිනි. ඔහු ඇමරිකාවේ 22 වැනි ජනාධිපතිවරයා ලෙස 1885 වසරේ පත් වූ අතර එම ධුර කාලයෙන් පසු වසර 4 ක විරාමයකින් අනතුරුව 1893 වසරේ 24 වැනි ජනාධිපතිවරයා ලෙස පත් විය.

ඇමරිකාවේ ජනාධිපතිවරුන් සාමාන්‍යයෙන් දිව්රුම් දෙන්නේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ යි. එරට කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන්නේ ද මෙම ගොඩනැගිල්ලේ යි. කෙසේ නමුත් මෙවර එළිමහනේ දිව්රුම් දීමේ සම්ප‍්‍රදාය වෙනස් විය. ට‍්‍රම්ප් ගේ දිව්රුම් දීම සිදු වූයේ මෙම ගොඩනැගිල්ල ඇතුළත කොටසක යි. මෙම උත්සවය ගොඩනැගිල්ල ඇතුළත පවත්වා තිබුණේ මේ වනවිට වොෂින්ටන් ප‍්‍රදේශයේ දැඩි ශීතලක් සහ තද සුළං තත්වයක් පවතින නිසා ය.

ඇමරිකාවේ ජනාධිපතිවරුන් සාමාන්‍යයෙන් දිව්රුම් දෙන්නේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ යි. එරට කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන්නේ ද මෙම ගොඩනැගිල්ලේ යි. කෙසේ නමුත් මෙවර එළිමහනේ දිව්රුම් දීමේ සම්ප‍්‍රදාය වෙනස් විය. ට‍්‍රම්ප් ගේ දිව්රුම් දීම සිදු වූයේ මෙම ගොඩනැගිල්ල ඇතුළත කොටසක යි. මෙම උත්සවය ගොඩනැගිල්ල ඇතුළත පවත්වා තිබුණේ මේ වනවිට වොෂින්ටන් ප‍්‍රදේශයේ දැඩි ශීතලක් සහ තද සුළං තත්වයක් පවතින නිසා ය.

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරක්‍ෂාවක් සැලසීමට ද ආරක්‍ෂක අංශ කටයුතු කර තිබිණි. ට‍්‍රම්ප් ඝාතනය කිරීම සඳහා ගත් උත්සාහයන් ලෙස සැලකුණු සිදුවීම් කිහිපයක් ද පසුගිය කාලයේ වාර්තා වූ නිසා දිව්රුම් දීමේ උත්සවයේ ආරක්‍ෂාව ගැන වඩාත් පරෙස්සම් වීමට බලධාරීන්ට සිදුව තිබිණි.

සුවිශේෂී ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සඳහා සහභාගි වී සිටිනු දැකිය හැකි විය. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, බරැක් ඔබාමා වැනි අය එ් අතර සිටියහ. බුෂ්ගේ බිරිඳ ලෝරා ද, බිල් ක්ලින්ටන් ගේ බිරිඳ හිලරි ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියත් බරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් පැමිණ සිටියේ නැත. එය ඉතා කැපී පෙනුණු සිදුවීමක් විය. මිෂෙල් ඔබාමා ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්ති ඉතා දැඩි ලෙස විවේචනය කරන කාන්තාවක බව රහසක් නොවේ.

ඇමරිකාවේ ඉහළම බිලියනපතියන් කිහිප දෙනෙක් ද ට‍්‍රම්ප්ගේ දිව්රුම් දීමේ අවස්ථාවට ඇරයුම් ලබා සිටියෝය. ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක්, ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වැනි අය එ් අතර වූහ. ට‍්‍රම්ප්ගේ පවුලේ අය ආසන්නයේම ඔවුන්ට අසුන් පනවා තිබෙනු දැකිය හැකි විය.

ඊලෝන් මස්ක් ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ද බෙහෙවින් උදව් කළ කෙනෙකි. මේ වනවිට ඔහු රජයේ තනතුරක් සඳහා ද තෝරාගෙන තිබේ. එ් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ දෙපාර්තමේන්තුව නැමැති අලූත් ආයතනයක ප‍්‍රධානියා ලෙසිනි.

හිටපු ජනාධිපති ජෝ බයිඞ්න් මෙයට පෙර පිහිටුවා තිබූ වාර්තාවක් ද ට‍්‍රම්ප් විසින් මෙවර බිඳ දමන ලදී. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා යන වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේ බයිඞ්න් ය. 2021 වසරේ ඔහු එම පදවියට පත් වෙද්දී වයස අවුරුදු 78 මාස 2 ක් විය. ට‍්‍රම්ප් දිව්රුම් දෙද්දී ඔහු ගේ වයස අවුරුදු 78 මාස 7 ක් වූයේය.

ට‍්‍රම්ප් දිව්රුම් දුන්නේ වොෂින්ටන් වේලාවෙන් සඳුදා දහවල් 12ට පමණ ය. ඔහුට කලින් උප ජනාධිපති ජේ ඞී වාන්ස් ද සිය ධුරයෙහි දිව්රුම් දුන්නේය.

හිටපු ජනාධිපති ජෝ බයිඞ්න් මෙයට පෙර පිහිටුවා තිබූ වාර්තාවක් ද ට‍්‍රම්ප් විසින් මෙවර බිඳ දමන ලදී. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා යන වාර්තාවට මෙයට පෙර හිමිකම් කීවේ බයිඞ්න් ය. 2021 වසරේ ඔහු එම පදවියට පත් වෙද්දී වයස අවුරුදු 78 මාස 2 ක් විය. ට‍්‍රම්ප් දිව්රුම් දෙද්දී ඔහු ගේ වයස අවුරුදු 78 මාස 7 ක් වූයේය.

දිව්රුම් දීමෙන් පසු ට‍්‍රම්ප් සිය ප‍්‍රතිපත්ති පිලිබඳ සිහිපත් කරමින් ජාතිය අමතා කතාවක් ද කළේය. ඇමරිකාවට නැවතත් ස්වර්ණමය යුගයක් උදා කරන බව ඔහු එහි දී පැවසුවේය. ඔහුගේ විශේෂ අවධානය දිනාගත් කාරණා දෙකක් වූයේ ආර්ථිකය සහ සංක‍්‍රමණිකයන් ය.

මේ වනවිට ඇමරිකාවේ බොහෝ දෙනෙකු කල් ගෙවන්නේ බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ යි. එරට ඡන්දදායකයන් ට‍්‍රම්ප්ට ඡුන්දය දුන්නේ ඔහු මෙම ගැටලූ විසඳීමට සමත් වනු ඇතැයි යන විශ්වාසය නිසා ය. එමෙන්ම ඇමරිකාවට නීති විරෝධී ආකාරයෙන් ඇතුල්වන සංක‍්‍රමණිකයන් ද විශාල ගැටලූවක් වී ඇතැයි සැලකේ. ට‍්‍රම්ප් මෙම නීති විරෝධී සංක‍්‍රමණිකයන් විශාල පිරිසක් පිටුවහල් කරනු ඇති බව විශ්වාස කෙරේ.

ආර්ථිකය සහ සංක‍්‍රමණිකයන් යන කාරණාවලට අදාළව ජාතික හදිසි තත්ත්වයන් ප‍්‍රකාශයට පත් කරන බවක් ද ඔහු පැවසුවේය. ඇමරිකානු දේශ සීමා ආරක්‍ෂා කිරීමට හමුදාව යෙදවීමට මේ අනුව ට‍්‍රම්ප්ට හැකි වනු ඇත.

ධුරයේ දිව්රුම් දීමෙන් පසු ධවල මන්දිරය වෙත ගිය ට‍්‍රම්ප් විධායක නියෝග රැසකට අත්සන් කිරීමට පියවර ගත්තේය. එ් අතරින් වඩාත් කතාබහට ලක් වූ විධායක නියෝගයක් වූයේ ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියෙන් ඉවත් කර ගැනීමේ නියෝගය යි. 2016 වසරේ පිහිටුවා ගන්නා ලද පැරිස් සම්මුතිය යනු දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය මුහුණ දී ඇති අර්බුද විසඳීම සඳහා ඇති කරගන්නා ලද ජාත්‍යන්තර සම්මුතියකි. ගෝලීය උණුසුම ඉහළ යාමට හේතුවන කාබන් ඩයොක්සයිඞ් වැනි වායූන් වායුගෝලයට මුදා හරින ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීම වැනි කාරණා ද මෙම සම්මුතියට අයත් වේ.

ට‍්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය තුළ ඇමරිකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා තෙල් නිශ්පාදනය ඉහළ දැමීමට පියවර ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එය පැරිස් සම්මුතියේ අරමුණුවලට පටහැනි වන්නකි.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමේ විධායක නියෝගයකට ද ට‍්‍රම්ප් අත්සන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර