ට්‍රම්ප් තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් ලක්ෂ පහකගේ රැකියා අනතුරේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීරුබදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට කටයුතු කොට ඇතත් තීරු බද්ද ශ්‍රී ලංකාවට යළි පැනවුවහොත් මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නිරත ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ලවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය සුරංග සිල්වා මහතා මාධ්‍යයට පවසා තිබේ.මේ අතර අමෙරිකානු ජනාධිපති වරයා ගේ මෙම පියවර ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් මත පදනම් ව ගනු ලැබූවක් බවට පසුගිය සතියේ දේශපාලනඥයන් විසින් පතුරුවන ලද මතය මුළුමනින්ම අසත්‍ය බව විද්වතුන් පවසා තිබේ.

කාලීන පුවත්