ට‍්‍රම්ප් නිසා ලෝක ප‍්‍රජාවගේ සෞඛ්‍යය අනතුරේ ?

trump

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය ධුරයෙහි දිව්රුම් දී ධවල මන්දිරයට පැමිණීමෙන් ඉක්බිති මුලින්ම කළ කටයුත්තක් වූයේ විධායක නියෝග රැසකට අත්සන් තැබීමයි. ඒ අතරින් කිහිපයක් මේ වනවිට විශාල වශයෙන් කතාබහට ලක් වීමට පටන් ගෙන තිබේ. ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා වන නියෝගය ඒ අතරින් ද ප‍්‍රධාන තැනක් ගනියි. මෙය මුලූ ලෝකයේම සෞඛ්‍යමය සුරක්ෂිතභාවයට අනතුරක් එල්ල කරන්නක් බව බොහෝ දෙනාගේ අදහසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන සමස්ත අරමුදල් ප‍්‍රමාණයෙන් සියයට 18 ක් පමණ ලැබෙන්නේ ඇමරිකාවෙන් බව සඳහන් වේ. එය වසරකට ඇ.ඩොලර් බිලියනයකට ආසන්න බව සඳහන් ය.
ඇමරිකාව එම සංවිධානයෙන් ඉවත් වීමෙන් පසු මෙම අරමුදල් ද නතර වනු ඇත. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් කරන්නක් වනු නිසැක ය.

ලෝක ප‍්‍රජාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවී කටයුතු කරන සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වැඩසටහන් කරගෙන යන්නේ විවිධ පාර්ශ්වවලින් ලැබෙන අරමුදල්වලිනි. එම සංවිධානයට වැඩියෙන්ම අරමුදල් ලබා දෙන පාර්ශ්වය වන්නේ ඇමරිකාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන සමස්ත අරමුදල් ප‍්‍රමාණයෙන් සියයට 18 ක් පමණ ලැබෙන්නේ ඇමරිකාවෙන් බව සඳහන් වේ. එය වසරකට ඇ.ඩොලර් බිලියනයකට ආසන්න බව සඳහන් ය.
ඇමරිකාව එම සංවිධානයෙන් ඉවත් වීමෙන් පසු මෙම අරමුදල් ද නතර වනු ඇත. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් කරන්නක් වනු නිසැක ය.

මේ වනවිට ලෝක ප‍්‍රජාවට තර්ජනයක් වී ඇති බොහෝ රෝග ලෝකයෙන් තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි. පෝලියෝ, ඒඞ්ස්, මැලේරියා, එබෝලා ආදිය ඊට නිදසුන් ය. මෙම රෝගවලින් වඩාත්ම බැටකමින් සිටින්නේ අඩු ආදායම් රටවල ජනතාව බව රහසක් නොවේ.

එමෙන්ම කොවිඞ් 19 වැනි ගෝලීය වසංගත තත්වයන් ඇති වූ විට එ්වා මර්ධනය කිරීම සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල වැඩකොටසක් ඉටු කරයි. ඇමරිකාව වැනි ප‍්‍රබල සාමාජිකයකු සංවිධානයෙන් ඉවත් වීම මෙබඳු වැඩ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇත. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ විට ලෝකය සෞඛ්‍යමය වශයෙන් වඩාත් අනාරක්‍ෂිත තැනක් බවට පත් වනු ඇතැයි යන්න විශේෂඥයන් ගේ අදහසයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් කාලයක සිටම ලෝක සෞඛ්‍ය සංවිධානයට දැඩි විවේචන ඉදිරිපත් කරන කෙනෙකි. ඔහු මෙම සංවිධානයෙන් ඇමරිකාව ඉවත් කර ගැනීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය නොවේ. සිය පළමු ධුර කාලයේ ද ඔහු මෙවැනි උත්සාහයක් දැරුවේය. එ් 2020 වසරේ යි. නමුත් එම වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වීම නිසා එම උත්සාහය වැලකී ගියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට දැන් කාලයක සිට යම් විවේචන ද එල්ල වෙමින් තිබෙන බව මෙහි දී අමතක කළ හැකි නොවේ. අකාර්යක්‍ෂම බව පිලිබඳ චෝදනා පසුගිය කාලයේ එයට එරෙහිව එල්ල විය. එමෙන්ම විනිවිදභාවය පිලිබඳ ගැටලූ ද ඇතැම් පාර්ශ්ව මතු කර තිබේ. ට‍්‍රම්ප් ද පවසන්නේ මෙම සංවිධානය ‘දූෂිත’ ආයතනයක් බව යි. එමෙන්ම එය ඇමරිකාවේ මුදල් සූරා කමින් සිටින බව ද ඔහු ගේ තවත් චෝදනාවකි. ඇමරිකාව මෙම සංවිධානයට විශාල වශයෙන් අරමුදල් ලබා දුන්නත් සෙසු බොහෝ රටවල් එයට එතරම් අරමුදල් ලබා නොදීම ඔහුගේ අවධානය යොමු වී ඇති කාරණයකි. මෙයට ටික කලකට පෙර ට‍්‍රම්ප් පවසා තිබුණේ අමරිකාව වසරකට ඇ.ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් දායක කළත් අති විශාල ජනගහණයක් සිටින චීනය එයට ලබා දෙන්නේ ඇ.ඩොලර් මිලියන 40 ක පමණ අරමුදල් ප‍්‍රමාණයක් බව යි.

පසුගිය කොවිඞ් වසංගත සමයේ ද ට‍්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැඩි චෝදනා එල්ල කළ බව නොරහසකි. ඔහු පැවසුවේ එය චීනයේ රූකඩයක් බවට පත්ව ඇති බව යි. වසංගතයට අදාළ යම් යම් කාරණා වසන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උදව් කළ බවට ද ඔහු නිර්දය ලෙස චෝදනා කළේය.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ට‍්‍රම්ප් පියවර ගන්නේ මෙවැනි පසුබිමක් තුළ යි. එම සංවිධානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමේ කි‍්‍රයාවලිය සඳහා වසරක පමණ කාලයක් ගත වෙයි.

ට‍්‍රම්ප් ගේ තීරණය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මහත් කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් දැකිය හැකි වේ. මෙම තීරණය ගැන නැවත සලකා බලන මෙන් එම සංවිධානය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ හෝ වේවා, ඇමරිකාව ඉවත් වීම නිසා අරමුදල් අතින් සිදුවන පාඩුව පියවා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉක්මනින් පියවර ගැනීමට සිදු වනු ඇත.

ට‍්‍රම්ප් ගේ තීරණය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද මහත් කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් දැකිය හැකි වේ. මෙම තීරණය ගැන නැවත සලකා බලන මෙන් එම සංවිධානය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ හෝ වේවා, ඇමරිකාව ඉවත් වීම නිසා අරමුදල් අතින් සිදුවන පාඩුව පියවා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉක්මනින් පියවර ගැනීමට සිදු වනු ඇත. මෙම සංවිධානයට ලබා දෙන අරමුදල් ප‍්‍රමාණය වැඩි කිරීමට සෙසු ධනවත් රටවලට සිදු විය හැකිය. ඇමරිකාව හැරුණු කොට ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩි වශයෙන් අරමුදල් ලබා දෙන්නේ ජර්මනිය, ප‍්‍රංශය වැනි රටවල් ය. නමුත් මෙම රටවල් මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික ගැටලූ හමුවේ ඔවුන්ට අරමුදල් ඉහළ දැමීමට හැකි වනු ඇත් ද යන්න සැක සහිත බව නිරීක්‍ෂකයන් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් චීනය මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයට සහය දීමට ඉදිරිපත්ව සිටිනු පසුගිය දිනවල දැකගන්නට ලැබිණි. එරට විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පසුගිය සතියේ ප‍්‍රකාශ කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ශක්තිමත් කරනු විනා එය දුර්වල වීමට ඉඩ නොදිය යුතු බවයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර