වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ නායකත්වය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පහත වැටී ඇති බැවින් තමන් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බවට ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රබල ඉගියක් දී තිබේ.ඒ අයෝවා ප්‍රාන්තයේ පැවති රැස්වීමකදී ය.ඉදිරි සතියේ පැවැත්වෙන අතරමැදි මහ මැතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් අපේක්ෂකයන්ට සහයෝගය පළ කිරීම වෙනුවෙන් මෙම රැස්වීම පැවැත්විණි.2020 පැවති ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රොටික් පක්ෂය ව්‍යාජ අයුරින් ජයග්‍රහණය කළ බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන්ට චෝදනා කිරීමක් ද මෙහි දී සිදු කොට තිබේ.පසුගිය කාලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලාංකිකයන් අතරේ “ට්‍රම්පච්චි” යනුවෙන් හැඳින්වුණු අතර එය මහින්ද රාජපක්ෂ මහතා ඇතැමුන් විසින් හඳුන්වන ලද අප්පච්චි යන නම අනුසාරයෙන් ගොඩ නංවා ගන්නා ලද්දකි. ලෝක නායකයකු එසේ දේශීය වශයෙන් සරදම් නම් වලින් හැඳින්වීම ද දුලබ සිදුවීමකි.