පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියයි. ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පැවතීම ඊට හේතුව බව ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.