ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාව පදනම් විරහිත එකකැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එවැන්නක් සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා “ජාතික ආරක්ෂාව” යන වදන ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවත් පැවසීය. අදාල විෂය පථය පිළිබඳ කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයකු ගේ සහායකින් තොරව මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පවා පටහැනිව බවත් ඔහු කීය.

කාලීන පුවත්