“ඩයනා ගමගේට එල්ල වූ චෝදනා වලට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්න” නීතිපති සීඅයිඩියට කියයි

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එල්ල වී ඇති අපරාධමය චෝදනා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (Cඓඪ්) උපදෙස් ලබා දී ඇත.නීතිපති වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය උපදෙස් නිකුත් කළේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයේ නඩු විභාගවලදී හෙළිදරව් වූ අපරාධ කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා සිටීමෙන් පසුවය.ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවාගෙන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බව සනාථ වී ඇති අතර ඒ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය චෝදනා ඇති බව රහස් පොලිසිය නීතිපතිවරයාට දන්වා ඇත. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර වේ.එබැවින් ගමගේ මහත්මියට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාක්ෂි මත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දී ඇත.

කාලීන පුවත්