ඩයනා ගමගේ රෝහල් ගත කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා විසින් මහතා තමන්ට සිදුකළ පහරදීම හේතුවෙන් බෙල්ලේ ඇතිවු අපහසුතා නිසා රෝහල් ගත වු බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.මෙම සිදුවීම මඟින් තමන්ගේ මන්ත්‍රී වරප්‍රාසාද දැඩි ලෙස උල්ඝනය වී ඇති බවත් මෙලෙස කාන්තාවන්ට වධ හිංසා පැමිණවීමට ඉඩදිය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.ඊයේ පස්වරුවේ ඇය රෝද පුටුවක ආධාරයෙන් රෝහලේ ඇතුළට කැඳවා ගිය අතර එම අවස්ථාවේ ඇගේ ගෙළ වටා වෙළුම් පටියක් ද තිබුණි.එහෙත්,ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා මහතා පවසා ඇත්තේ රාජ්‍ය අමාත්‍ය වරිය ප්‍රකෝපකාරී ලෙසින් තමන්ට පහර දීමට ඒමේ දී තම ආරක්ෂාව තකා එය වැලැක්වීමක් සිදු කළ මුත් තමන් කිසි විටෙකත් ඇයට පහර දීමක් සිදු නොකළ බවකි.

කාලීන පුවත්