ඩයනා ගමගේ විදේශික කාන්තාවකැයි උදය ගම්මන්පිල කියයි

ඩයනා ගමගේ විදේශික කාන්තාවකැයි උදය ගම්මන්පිල කියයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ද්විත්ව පුරවැසියෙකු ලෙස නොව විදේශිකයෙකු ලෙස බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුව තුළ සිටීමට වඩා විදේශිකයෙකු පාර්ලිමේන්තුවේ සිටීම අතිශය භයානක බවකි.

ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් හඳුන්වා දීම පිණිස ගංජා වගාව ප්‍රවර්ධනය කළ යුතු බවටත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිණිස”නොනිඳන නගර” සංකල්පය හඳුන්වා දිය යුතු බවටත් නිතර නිතර අවධාරණය කිරීම මත බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇති සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් හඳුන්වා දෙන බවට කළ ප්‍රකාශය ද එම සමාගම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

කාලීන පුවත්