ඩයනා ගමගේ වීසා නැතිව මෙරට රැඳී සිටියේ කොහොමද? විමසන්න යයි

නීති විරෝධී ලෙස පාර්ලෙමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලදුව එම ධුරයෙන් පහ කළ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සැලසුම්කර තිබේ.ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බවත් මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය විය.එම අධිකරණ තීන්දුවත් සමඟ ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙපමණ කාලයක් මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බැලුවේද? යන්න විමසා බැලෙනු ඇත.

කාලීන පුවත්