පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද (02) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත් විය.
ඒ, අනුව එම යෝජනාව සඳහා පක්ෂ ව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද හිමි විය.
එමෙන්ම මන්ත්රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදි.