ඩලස් ඡන්දයෙන් ඉවතට

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරඟ වැදීමට නියමිතව සිටියේය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජයේ විදුලි බල, අධ්‍යාපන සහ ප්‍රවාහන යන අමාත්‍ය ධුර දැරූ ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහුගේ ඉතිරි වසර දෙකක කාලය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊට තරඟ කළේය.ඉන්පසු විපක්ෂයට එක්වී පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සදහා ද ඩලස් අලහප්පෙරුම මහතා සක්‍රියව දායක විය.

කාලීන පුවත්