ඩෑන්ට වුණ දේ මහින්දටත් වෙන්න පුලුවන්

කිසිසේත්ම පාතාල කල්ලි සාමාජිකයෙකු නොවන සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝදාර තරුණයෙකු වූ ඩෑන් ප්‍රියසාද්ට වුණු දේ හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි.ඔහු සඳහන් කරනුයේ ඒ සඳහා ආණ්ඩුව දැනටමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවකි.ඩෑන් අප්‍රේල් පළමුවැනිදා එනම් මෝඩයාගේ දිනය දා, පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට යම් සරදමක් සිදුකර තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ බවත් පැවසූ නීතීඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ රට පුරා සිදු වන පාතාල කණ්ඩායම් හා සම්බන්ධ ඝාතන ගොඩට ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනයත් එකතු කිරීමට රජය කටයුතු කරන බවයි.එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය..

කාලීන පුවත්