ඩිීසල් පෙට්‍රල් භුමිතෙල් වලින් සංස්ථාව පාඩු ලබනවා

මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩිීසල් ලීටරයකින් රුපියල් 100 ක් ද පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40 කද භුමිතෙල් ලීටරයකින් රුපියල් 170 කද පාඩුවක් විඳීමට සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා කියයි.එමෙන්ම මෙම උත්සව සමයේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ද සුමිත් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ අවශ්‍ය ඉන්ධන තොග මේ වනවිට ලැබෙමින් පවතින බවයි. මේ මාසය තුළ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ 65 න් දහසක් ලබා ගැනීමට විධිවිධාන යොදා ඇති බව කී සභාපති වරයා අප්‍රේල් මාසයේ ඉන්ධන සඳහා රජය වැය කරන මුදල ඩොලර් කෝටි 70 ක් බව ද කීය. පසුගිය වසරේ පළමු මාස 3 දිී ඉන්ධන සඳහා වැය කළ මුදල මෙන් දෙගුණයක් මේ වසරේ අප්‍රේල් මාසය සඳහා පමණක් වැය කිරිමට සිදුවිී ඇතැයි ද සභාපතිවරයා කියයි

කාලීන පුවත්