ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් ද ඉහළ දමා තිබේ.ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි.ඒ අතර සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද පවසන ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්ෂා නොකරන බව ද පවසයි.