ඩුබායි රටේ සිංගප්පූරුවේ වී වගා නොකළත් ඒ මිනිස්සු බඩගින්නේ ඉන්නෙ නෑ

ඩුබායි සිංගප්පූරුව යන රටවල වී වගා නොකරන මුත් ඒ රට වල ජනතාව කුසගින්නේ නොහිඳින බවත් හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳන් කරයි.

ඒ කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයකිනි.එහි දැක්වෙන අන්දමට ඇමති වරයා මෙසේ ද පවසා තිබේ.”ඩුබායි රටේ මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නෙ නෑ.

නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා. පොස්පේට් පොහොර ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවැරුණේ මීට මාස හයකට පෙරයි.

ඒ වනවිට මේ ආයතනය පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබුණා.

නමුත් මේ වනවිට එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. හෙක්ටයාර් 17 ක් පුරා විහිදී ඇති පොස්පේට් නිධිය මෙ.ටොන් මිලියන 60ක ධාරිතාවකින් යුක්තයි.

නමුත් ඉකුත් වසර පනහ තුළ එයින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 3% ක් පමණයි. ඒ කියන්නේ වසරකට 0.06% ක්. ඒ අතීතය අපි වෙනස් කරලා ඉදිරි මාස දෙක තුනක් ඇතුළත පොස්පේට් පොහොර නිෂ්පාදනය දෙගණයකින් වැඩි කරන්න කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා.

පොස්පේට් පොහොර සමාගම අලෙවි කරන්නේ කිලෝ 50ක බෑගයක්, රුපියල් 550 වුණත් ආයතනයෙන් පිට වෙළඳපොලේ ඇතැම් තැන්වල පොස්පේට් පොහොර බෑගයක් රුපියල් 1000, 1100, වැනි මිල ගණන්වලට විකුණනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕනෑ”

කාලීන පුවත්