ගත වූ සතියට වඩා මේ සතියේ ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 3 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, කල්මුණේ, පුත්තලම, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.මේ වන විට වර්ෂය ආරම්භයේ සිට ඩෙංගු ආසාදිතයන් 32,000ක් පමණ වාර්තා වී තිබේ.මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ බෝ වීම ඉහළ යා හැකි බවත් තමන් ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පවත්වාගෙන යාමෙන් ඩෙංගු ආසාදිතයන් අවම කර ගත හැකි බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරති.