ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මරණ 12ක් සිදුවී ඇති අතර වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබේ.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965කි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 21ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

කාලීන පුවත්