ඩොලරයට සාපේක්ෂව රුපියල 300 තෙක් පල්ලම් බසී

ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තාගත අවම අගය ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බලපත්‍රලාභී කොමර්ෂල් බැංකුව විසින් අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු.300.ක් ලෙස සටහන් කර තිබිණ.එසේම, තවත් බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ රු. 299 සහ රු. 295 ක් ලෙස සටහන් කොට තිබූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයට විකුණුම් මිල රු. 294.99 ක් සහ ගැනුම් මිල රු. 284.82 කි.

කාලීන පුවත්