ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට

ඩොලරයට රුපියලේ අගය රුපියල් 292 තෙක් අද(23) පහළඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය රුපියල් 292 තෙක් අද පහළ වැටිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 285-292 දක්වා අගයක් ගනු ලැබීය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 272.0686 වූ අතර විකුණුම් මිල 282.4956 ලෙස සටහන් විය.මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 300 සීමාව ද ඉක්මවනු ඇතැයි මත පළ කරන ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික කළමණාකරන නොවිධිමත් බව ද මීට හේතු වී ඇති බවය.

කාලීන පුවත්