ඩොලරයේ මිලට සාපේක්ෂව ඖෂධ මිල සංශෝධනය කරනවා

වර්තමානයේ පවත්නා ඩොලරයේ වෙනසට සමානුපාතිකව පාලනය වන ආනයනික ඖෂධවල නැවත මිල සංශෝධනය කිරීමට ඖෂධ සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ(09) එකඟතාව පළ කොට ඇත.නව මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදන නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.එය ඖෂධ සඳහා නිතර වෙනස් වන මිල සූත්‍රයක් සැකසීම හා සමාන බවත්, එඩොලරයේ උච්චාවචනයට අනුව ආනයනික ඖෂධ මිල වෙනස් කිරීමට එය උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.දැනට පාලන මිල යටතේ අලෙවි වන ඖෂධ සඳහා ද මෙම නව මිල සංශෝධන අදාළ වේ.කෙසේ වෙතත්, ඩොලරයේ උච්චාවචනය අනුව සිදුවන වෙනස්කම්, පාලන මිල යටතේ අලෙවි වන භාණ්ඩවල මිල සංශෝධන අද හෝ හෙට ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසීය.”ඖෂධවල අවසන් මිල සංශෝධනය සිදු කළේ ඩොලරයේ අගය රුපියල් 194ක්ව තිබියදීයි. රුපියල් 194 සිට මේ දක්වා ඩොලරයේ උච්චාවචනයට සමානුපාතිකව මෙම මිල සංශෝධනය කෙරෙනවා,” ඔහු පැවසීය.

කාලීන පුවත්