දිගින් දිගටම ඩොලරයේ මිල පාලනය කරමින් සිට එය, තවදුරටත් දරා සිටීමට නොහැකිම තැන එය අත හැරීම බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන්නක් බවත් එළඹ ඇති තත්වයන් යටතේ ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම වැලකිය නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කියයි. එමෙන්ම මේ ප්‍රශ්නයෙන් ගැළවීමට ඇති එකම මඟ විදේශ විනිමය ඉපැයීම මිස ජාත්‍යන්තරයට ණය වීම නොවන බවත් පෙන්වා දෙන මහාචාර්ය වරයා පවසනුයේ විදේශවලට අපේ භාණ්ඩ හා සේවා විකිණීමෙන් එය කළ යුතු බවයි.