ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද ( 18) රු.300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.මෙරට වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතය දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් දක්වා ඇත.මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59ක් වන අතර විකුණුම් මිල රු. 313.52ක් ලෙස දැක්වෙන අතර කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92ක් වන අතර විකුණුම් මිල රු. 310ක් ලෙස දක්වා තිබේ.සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300ක් ලෙසත් විකුණුම් මිල රු. 312ක් ලෙසත් දක්වා ඇත.