ප්‍රථම වතාවට ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් 285 අගයක් දක්වා අද (21) පහළ වැටිණි.මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 285 ක් වූ අතර අනිකුත් රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු වල ඩොලරයක විකුණුම් මිල රුපියල් 280 ක් විය.
මේ සම්බන්ධයෙන් මෙරට ආර්ථික විශේෂඥයන් පවසනුයේ පසුගිය කාලය තුළ ඇමරිකානු ඩොලරයට නිදහසේ පාවීමට ඉඩ නොහැර මහ බැංකුව විසින් එය කෘත්‍රිම ලෙස පාලනය කරන්නට යාම මත මෙම අර්බුදය ඇති වූ බවය.