ඇමෙරිකානු ඩොලර්වලින් මුදල් ගෙවිය හැකි ඕනෑම සමාගමකට හෝ කර්මාන්ත ශාලාවකට සතිපතා සහතික කළ ඉන්ධන කෝටාවක් ලබා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාරිභෝගික ගිණුමක් ආරම්භ කළ හැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.එම සමාගම් විසින් මාසයකට පෙර අත්තිකාරම් ගෙවිය යුතු අතර, 12 වැනිදා සිට දිනපතා හෝ සතිපතා ඉන්ධන නිකුත් කෙරෙන බවත් දැනටමත් ගෙවා ඇති ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ කෝටාව ලබන 12 වැනිදා සිට ලබා ගත හැකි බවත් ඇමති වරයා තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් කියා සිටියි.