ඩොලර් නැති කමින් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් සහ මිල වැඩිවීමක්

දැනට පවතින ඩොලර් හිඟය හේතුවෙන් අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය කීපයක් මෙරටට ගෙන්වීම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මේ තත්වය යටතේ ඉදිරියේදී රට තුළ අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද‍්‍රව්‍ය හිගයක් මෙන්ම භාණ්ඩ මිල ඉහළ යාමක් ද සිදුවනු ඇති බව පවසන එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරනුයේ දැනටමත් සීනි කන්ටේනර් බහාලුම් දෙසීයක් ඩොලර් හිඟතාවය නිසා වරායේ සිර වී ඇති බවකි.මේ වන විට ද ඉහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.

කාලීන පුවත්