මෙවර යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර කඩිනමින් ලබාදීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අවධානය යොමු වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ. මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක බෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් බෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ.ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය නිසි කලට ලැබුණ හොත් ඉදිරියේ හට ගන්නා ආහාර අර්බුදය සමනය කිරීම සම්බන්ධයෙන් එය තීරණාත්මක බලපෑමක් වනු ඇතැයි කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති.ඊයේ(01) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය වූ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.