ණය ගිවිසුමකට අත්සන් තබන්න මුදල් ඇමති ඉන්දියාවට

මෙරටට අවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා වන ණය ගිවිසුමකට අත්සන් තැබීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පැවසෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික ගැටඵ විසඳා ගැනීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 240 ක් පිරිනැමීමට ඉන්දියාව එකගවී තිබේ. ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී ඉන්දිය මුදල් ඇමතිනි නිර්මල සීතාරාමන් මහත්මිය හා විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයෂංකර් මහතා හමුවී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට එම ණය මුදල අනුමත වී තිබේ.  මුදල් ඇමතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බව ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සනාථ කොට ඇත.

කාලීන පුවත්