තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇතත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එසේම සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත් ඔවුන් කරනු ලබන ප්‍රකාශ සදහා නීතිමය පියවර ගත හැකි බව ද ඇමතිවරයා කීය. ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි අද(30) පැවති විශේෂ මාධ්‍ය හමුවක් සදහා එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. එහෙත් එම නිදහස භාවිතා කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන්නත් ව්‍යවස්ථාවේ පැහැදිලිවම සදහන් කර තිබෙනවා. භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීම භාවිතා කළ යුත්තේ ජාතික හා ආගමික සමගියට හානි නොවන පරිදි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සදහන් කර තිබෙනවා. ජනතාව භේද භින්න කරන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් නැහැ”.