තමන් ජනපතිවරණය සඳහා තරඟ කරන බව ජනපති රනිල් නිල වශයෙන් කියයි

තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ(27 ) සිදු විය.ඒ ඊයේ (27) ගාල්ලේදී “එක්ව ජයගමු” යන මැයෙන් සංවිධානය කර තිබූ දේශපාලන රැලියේදී ය.ඒ සඳහා අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, අලි සබ්‍රි හා රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වී තිබේ.ඊට අමතරව කලාවැව ආසනය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රී වරු ද ඊට එක් වී තිබේ.පාර්ලිමේන්තුව නියෝජනය නොකරන මුතුහෙට්ටිගම මහතා ද මීට එක්විය.උත්තර ලංකා සභාගය නියෝජනය කළ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාශාන් නවනන්දන මහතා ද ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන් ද ඊට එක් වී ඇත.තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ජනාධිපති වරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ එහි දී ය.

කාලීන පුවත්