තලතා අතුකෝරල මන්ත්‍රී ධුරයෙන් හා සජබෙන් සමු ගනී

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළාය,ඇය පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සේම සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණිය වූ තලතා අතුකෝරාළ මහත්මිය, ගාමිණි අතුකෝරල මහතාගේ ගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි අතර.ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තාය.මෙහි දී ඇය ප්‍රකාශ කොට සිටියේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉවත් වුවද දේශපාලනයෙන් සමු නොගන්නා බවකි.

කාලීන පුවත්