අද(21)තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කරන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියයි. ඔහු කියා සිටිනුයේ පසුගිය දිනවල තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් බෙදාහැර ඇති අතර තවදුරටත් අඛණ්ඩව එම බෙදාහැරීම් සිදු කරන බවය.