තවමත් ඉල්ලා අස් නොවූ ජනපති මීළඟට කොයිබටද?

අද(13) දා අළුයම තම බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනකු සමඟ මාල දිවයිනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි නුවරට යෑමට අපේක්ෂාවෙන් ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසරය ලැබෙන තෙක් බලා සිටින බව ‘ද ප්‍රින්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.ඩුබායි හි රාජපක්ෂ පවුලට අයත් වටිනා දේපල ඇතැයි ද කියනු ලැබේ.මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඩුබායි වෙත පැමිණීමට ඉඩ නොදෙන ලෙස එහි සිටින ශ්‍රී ලාංකිකයන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.ඩුබායි නුවරට යෑමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා අද පස්වරුවේ සිංගප්පූරුව වෙත යනු ඇතැයිද පැවසෙන අතර ඔහු අබුඩාබි බලා යනු පිණිස මේ වන විටත් සිංගපූරුව බලා පිටත් වී ඇතැයි ද කියනු ලැබේ.ඒ කෙසේ හෝ ඔහු මේ වන තෙක් තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වරයා වෙත භාර දී නැත.

කාලීන පුවත්