තව දින දහයකට ඉන්ධන තියනවා අද වනවිට දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 92 පෙට්‍ර්ල් තොග ද දින දහයකට ප්‍රමාණවත් ඔක්ටේන් 95 පෙට්‍ර්ල් තොග ද ඇති බව ඇමති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(24) පැවසීය. දැනට රට තුළ ඇති ඔටෝ ඩීසල් සුපිරි ඩීසල් තොග දින 08 කටත් ප්‍රමාණවත් වන අතර ඉදිරියේදී තවත් ඉන්ධන තොග ලැබීමට නියමිත බව ද ඇමති වරයා කීය.එහෙත්,ඉන්ධන පිරවුම් හල් ආරංචි මාර්ග පවසනුයේ පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ වාහන හිමියන් වැඩිපුර ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් තමන් වෙත ලැබෙන ඉන්ධන තොග ඉක්මනින් අවසන් වීමේ ප්‍රවණතාවක් පසුගිය සති කිහිපය තුළම දක්නට ලැබුණු බවය.