තව දුරටත් පෑව්වොත් විදුලි ගාස්තු ඉහළ දාන්න වෙයි

පවතින වියළි කාලගුණික තත්වය තව දුරටත් ඉදිරියටත් පැවතියහොත් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අනතුරු අඟවයි.විදුලි ගාස්තු 20%කින් අඩු කළ මුත් වියළි කාලගුණික තත්ත්වයක් යටතේ එය එලෙසම පවත්වා ගෙන යා නොහැකි බව ද ඇමති වරයා කියයි. “අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා. අපි ඒකට කැමති නැහැ.සූර්ය විදුලිය උත්පාදනය නතර කරන්න හදනවා කියලා පිරිසක් සමාජය තුළ මතයක් ගොඩ නගන්න පිරිසක් උත්සාහ දරනවා.නමුත් ඒක බොරුවක්” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ප්‍රදේශයේ දී පැවති ජාතික ජන බලවේගය පක්ෂයේ මහජන රැස්වීමක් අමතමිනි.

කාලීන පුවත්