ඉදිරි මාස පහක කාලයක් තුළ ශ්රී ලංකාවට මෙම උග්ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීය.” අපට පැහැදිලි වැඩපිළිවෙළක් සහ පැහැදිලි මාවතක් තිබෙනවා,” ඔහු වැඩිදුරටත් කීය.කෙසේ වෙතත්, එතෙක් ශ්රී ලංකාව දුෂ්කර කාලයක් අත්විඳින බව ද ඔහු කීය.මහ බැංකු අධිපති වරයා මේ අදහස් පළ කරන ලද්දේ රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති වරයා කියා සිටියේ ඉදිරි මාස දෙක තුළ ශ්රී ලංකාවට අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට හැකි වන තෙක් ජනතාව ඉවසිලිවන්තව සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.