ත්‍රිකුණාමලය – කොටුව දුම්රිය පැය 4ක් ප්‍රමාද කරයි

කැකිරාව – ගනේවල්පොල මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර 118 සැතපුම් කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම නිසා ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසීය.

එම දුම්රිය සාමාන්‍යයෙන් පස්වරු 12.15 ට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවද ඉඳිපොලගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්