රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දහයකින් අඩු කළ ද ත්‍රිරෝද රථ ප‍්‍රවාහන ගාස්තුවල කිසිදු වෙනසක් කිරීමට හැකියාවක් නැති බව ත‍්‍රිරෝද රථ සංගම් සඳහන් කර තිබේ.බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එසේ ත්‍රීරෝද රථ ප‍්‍රවාහන ගාස්තු අඩු කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවකි.“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යිනෙ අඩු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ තමයි ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් වත් අපි තියාගන්නේ නැතුව රු 10 ම මගියාට දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ”යනුවෙන් පැවසූ ඔහු වැඩි දුරටත් පවසා සිටියේ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා රජය මැදිහත් විය යුතු බවය.