ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබේ.
දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වෙයි.
අප කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශය ඒ බව තහවුරු කරයි.