ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හකුළා ගන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ පුද්ගලයෙකු රඳවා තබා ගත හැකි කාල සීමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම පණත මුලු‍මනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබේ.ඒ වෙනුවට කොමිසම යෝජනා කරන්නේ ත්‍රස්තවාදය යන්නට නව අර්ථකථනයක් ඇතුළත් කර ඊට අදාළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කල යුතු බවකි.2022 වසර සඳහා මානව හිමිකම් කොමිසමේ මාර්ග සැළැස්ම සම්බන්ධයෙන් මෑතකදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ද දැනුවත් කර ඇති බව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් ය.තමන් යෝජනා කරන සංශෝධන සඳහා දණ්ඩ නීති සංග්‍රහය , අපරාධ නඩු විධිවිධාන පණත , අධිකරණ පණත සහ ඇප පණත සංශෝධනය විය යුතු බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.

කාලීන පුවත්