ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නා ලෙස බල කෙරෙන පෙත්සමට අගරදගුරු තුමෝ ද අත්සන් තබති

මේ වන විටත් විවිධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කෙරෙන ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සිය අත්සන යොදා තිබේ. රටේ සියළු ජාතීන් නියෝජනය වන සිවිල් හා දේශපාලන සංවිධාන වල සහයෝගයෙන් දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත ආරම්භ කොට ඇති මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික් පදනම යටතේ මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සිදු විය.මෙම අත්සන් වැඩසටහන මඟින් විවිධ පාර්ශවයන් විසින් බිඳ දැමීමට වෙර දරන ජාතික ඒකාබද්ධතා සංකල්පය යළි ප්‍රවර්ධනය වනු ඇතැයි අගරදගුරු හිමිපාණන් හමුවී මේ පෙත්සම සඳහා උන්වහන්සේගේ අත්සන ලබා ගත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා කීය.

කාලීන පුවත්